ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, සබරගමුව පළාතේ සහ කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බවත්, තාවකාලික තද සුළං ඇති විය හැකි බවයි සඳහන් වන්නේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අදාළ නිවේදනය පහතින්.

 news images