ප්‍රංශයේ  X කාර්යාල වටලයි

X සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රංශ කාර්යාලය වැටලීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

සයිබර් අපරාධ මැඬලීමේ ඒකකය මගින් මේ වැටලීම කර ඇත්තේ එය සෝදිසි කිරීම සඳහායි.

X සමාජ මාධ්‍ය යේ ඇල්ගෝ රටාව සම්බන්ධව පැනනැගුණු චෝදනා මුල්කරගෙන ඔවුන් මෙම සෝදිසිය සිදුකර තිබුණි.

කෙසේ වෙතත් මෙය නිදහස් මාධ්‍ය මර්දනය කිරීමක් බවට එම කාර්යාලය චෝදනා කරයි.

නමුත් ප්‍රංශ බලධාරීන් පවසන්නේ පවතින නීතිය යටතේ මෙම පරීක්ෂණය මෙහෙයවන බවය.

මෙම මෙහෙයුමට යුරෝපීය පොලිස් ආයතනය වන Europol ද සහාය ලබා දෙන බව සඳහන් වේ.

2025 ජනවාරි මාසයේදී X වේදිකාවේ algorithm ක්‍රියාකාරිත්වය සහ එය පරිශීලකයන්ට නිර්දේශ කරන අන්තර්ගතය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත ආරම්භ කරන ලද විමර්ශනයක් සමඟ මෙම වැටලීම සම්බන්ධ වන බව නීතිපති කාර්යාලය පැවසීය.

ඒ අනුව, මෙම විමර්ශනයට අදාළව X හි හිමිකරු ඊලෝන් මස්ක් සහ එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරිනිය වූ ලින්ඩා යාක්කරිනෝ (Linda Yaccarino) අප්‍රේල් මාසයේදී නඩු විභාග සඳහා කැඳවා ඇති බවද වාර්තා වේ.