ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (03) දිනයේ රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති, කථානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද දහවල් 12.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.
විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් අලුතෙන් නිර්දේශ කරන ලද නම් පිළිබඳව අද දිනයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අවධානය යොමු කිරීමට නියමිතයි.
හිටපු විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න විශ්‍රාම යාමත් සමඟ 2025 අප්‍රේල් මස 08 වන දින සිට විගණකාධිපති ධුරය හිස්ව පවතිනවා.
එම ධුරයේ වැඩබැලීම සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ධර්මපාල ගම්මන්පිල පත් කෙරුණු අතර, ඔහුගේ වැඩබැලීමේ කාලය ද පසුගිය දෙසැම්බර් මස 05 වන දිනෙන් අවසන් වුණා.
ජනාධිපතිවරයා විසින් අවස්ථා කිහිපයකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නම් කිහිපයක් යෝජනා කළ ද, එම නාම යෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.








