UPDATE : හේමාල් රණසිංහට ඇප

අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව, රුපියල් ලක්ෂයක ශරීර ඇප මත ඔහු මුදා හැරීමට නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

පුද්ගලයෙකුට පහර දීමේ චෝදනාව මත ඔහු අද (03) පෙරවරුවේ පොලිසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබුණා.