තමන්ව ගුරු සේවයට අන්තර්ග්රහණය කරන්නැයි ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක නිරත වන පාසල් සංවර්ධන නිලධාරීන් සහ ජනාධිපතිවරයා අතර අද (03) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
මාරාන්තික උපවාසයක් ආරම්භ කළ සංවර්ධන නිලධාරීන් ඊයේ එම ස්ථානයේ විරෝධතාවක ද නිරත වුණා.
පාසල් සංවර්ධන නිලධාරීන් ආරම්භ කළ මාරාන්තික උපවාසය අද 9 වැනි දිනටත් ක්රියාත්මකයි.
වසර 6කට වැඩි කාලයක සිට පාසැල්වල ඉගෙනුම් කාර්යයේ නිරත පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්රහණය කරන ලෙස ඉල්ලා සංවර්ධන නිලධාරීන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළේ ඉකුත් 26 වැනිදායි.








