රටේ මූලික ප්රජාතන්ත්රවාදී ආයතන මාලිමාකරණය කිරීමේ මෙහෙයුමක ආණ්ඩුව නිරත වන බවට විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් චෝදනා කරනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (02) පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මේ බව සඳහන් කළා.
මේ අතර, සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ රැස්වුණා.








