පෙට්‍රල් 92 නැව් තොග 05 ක් ප්‍රසම්පාදනය සඳහා වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ M/s. Epdesa Pte. Ltd. වෙත ලබාදීම සඳහා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
ඒ අනුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත එළඹෙන මාර්තු මස 15 වැනිදා සිට සැප්තැම්බර් මස 14 වැනිදා දක්වා කාලය තුළ පෙට්‍රල් 92, බැරල් 300,000 ± 5% ක් බැගින් වූ නැව් තොග 05 ක් ප්‍රසම්පාදනය කිරීමට මෙයින් නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්.









