හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට අද (03) පෙරවරු 9.30 ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව, ඇයට මීට පෙර පසුගිය 27 වැනිදා ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද, එදින පැමිණිය නොහැකි බවට ඇය විසින් දැනුම් දී තිබුණා.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ද අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ








