රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී, ඔවුන් මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීම සඳහා මැදිහත්වීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත්කරමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (1) පස්වරුවේ මේ බව පැවසීය.
ඒ අනුව එබඳු ගැටලුවලට මුහුණ දෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ට සිය ගැටලු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ එරංගා ජයවර්ධන මහත්මිය (අධ්යක්ෂ ECl] වෙත දැනුම් දෙන මෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය දන්වා සිටියි.








