ගිනි අවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින්ට දැනුම්දීමක්

ගිනි අවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින් සහ ආයතන වෙත 2026 වර්ෂය වෙනුවෙන් සිය ගිනි අවි බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, ගිනිඅවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින් සහ ආයතන 2026 වර්ෂය වෙනුවෙන් සිය ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම අද (31) දිනයෙන් අවසන් වන බවයි එමගින් සඳහන් කර ඇත්තේ.

ඒ අනුව, අලුත් නොකරන ලද ගිනි අවි හිමිකරුවන්ට තුවක්කු ආඥා පනතේ 22 වගන්ති ප්‍රකාරව පෙබරවාරි මස 10 වන දිනට පෙර දඩ මුදල් ගෙවා ගිනි අවි බලපත්‍ර අලුත්කරවා ගැනීම සිදුකළ යුතු බවයි අමාත්‍යාංශය දන්වා තිබෙන්නේ.

එම දිනයට පෙර සිය ගිනි අවි අලුත් නොකරන සියලු ගිනි අවි හිමිකරුවන් සඳහා තුවක්කු ආඥා පනතේ 22 වගන්තියේ විධි විධාන අනුව වලංගු බලපත්‍රයක් රහිතව ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍යාංශය සිය නිවේදනය මගින් වැඩිදුරටත් දන්වා තිබෙනවා.