පවතින ගැටලු සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ විධායක සභා රැස්වීමක් අද (31) දිනයේදී පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.
සිය ගැටලු විසඳීම සඳහා රජයට ලබාදුන් පැය 48ක කාලය අවසන් වී ඇති බවත්, නමුත් රජය මේ වන තෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ පවසා සිටියේ.








