කොළඹ – හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර හේතුවෙන් අද (31) සහ හෙට (01) ඒ ආශ්රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක කරන බව පොලිසිය පවසනවා.
ඒ අනුව, පස්වරු 6.30 සිට පෙරහැර අවසන් වන තෙක් මෙම රථවාහන සැලැස්ම ක්රියාත්මක අතර, එම කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.








