සංඥා පද්ධතියේ වැඩි දියුණු කිරීම් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

අද (31) සහ හෙට (01) යන දෙදින තුළ උදෑසන සහ සවස කාලවල මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රිය මිනිත්තු 15 ක් පමණ කාලයක් ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව, කොළඹ කොටුව සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර ඉහළ සහ පහළ මාර්ගවල ධාවනය කළ හැකි දුම්රිය ප්‍රමාණය වැඩි කිරීම සඳහා අදාළ සංඥා පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීම් හේතුවෙන් මෙම ප්‍රමාදයන් සිදුවන බවයි සඳහන් වන්නේ.

මේ හේතුවෙන් දුම්රිය මගීන්ට සිදුවිය හැකි අපහසුතාවය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව කණගාටුව පළ කර සිටිනවා.

 news images