මෙරට දිනකට නව පිළිකා රෝගීන් සියයක් හඳුනා ගැණෙන අතර, ඉන් රෝගීන් හතලිස් දෙනෙකු පමණ මියයන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු පවසනවා.
ඇය මේ බව සඳහන් කළේ පෙබරවාරි 04 වැනිදාට යෙදී තිබෙන ලෝක පිළිකා දිනට සමගාමීව පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
වෙනස්කම් මගින් එකතුවෙමු මෙවර ලෝක පිළිකා දිනයේ තේමාව වනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ 2022 වසරේදී නව පිළිකා රෝගීන් මිලියන 20ක් වාර්තා වන බවයි
එමෙන්ම පිළිකා ආශ්‍රිත මරණ මිලියන 10ක් වාර්තා වෙනව බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවල දැක්වෙන්නේ.
ඒ අනුව 2022 වසරේදී ශ්‍රී ලංකාවෙන් නව පිළිකා රෝගීන් 35,855ක් වාර්තා වී ඇති අතර, 2021 දී ඉන් 14,986ක් මරණ වාර්තා වී තිබෙනවා.
වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ පිළිකා රෝගීන් වාර්තා වීම අතරින්, කාන්තාවන් 19,500ක් ද, පිරිමින් 16,400ක් ද නව රෝගීන් ලෙස වාර්තා වන බවයි.








