කොළඹ නගරයේ අද (30) සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක කර තිබෙන බව පොලීසිය පවසයි.
ඒ 78වන ජාතික නිදහස් දින සැමරුමට අදාළ පෙරහුරු සහ උත්සව කටයුතු හේතුවෙනි.
පොලීසිය සඳහාන් කළේ අද (30) හෙට (31) සහ පෙබරවාරි 2වනදා පෙරහුරු පුහුණුවීම් පැවැත්වෙන අතර එම දිනවල උදෑසන 7.45 සිට දහවල් 1.30 දක්වා නිදහස් චතුරස්රය අවට මාර්ගයන්හී රථවාහන ගමනාගමනය සීමා කරන බවයි.








