2026 වසර සඳහා දේශපාලන පක්ෂවලින් අයදුම්පත් කැඳවීමට පියවර

මැතිවරණ කොමිෂන් සභාව විසින් 2026 වසරේ දේශපාලන පක්ෂ පිළිගැනීම සඳහා සුදුසුකම් ඇති ක්‍රියාකාරී දේශපාලන පක්ෂවලින් අයදුම්පත් කැඳවා තිබෙනවා.

ඒ අනුව, එම අයදුම්පත් ජනවාරි 28 වැනිදා සිට පෙබරවාරි 28 වැනිදා දක්වා යොමු කළ හැකි අතර, ඉල්ලුම් පත්‍රය අංක 2472/21 හා 2026.01.21 දිනැති ගැසට් පත්‍රයේ සඳහන් නිර්ණායක අනුව නියමිතව සකස් කරන ලද ලේඛන ද සමඟ පක්ෂයේ ලේකම්වරයාගේ අත්සන සමඟින් ඉදිරිපත් කළ යුතු බවයි සඳහන් වන්නේ.

අයදුම්පත්‍රය, මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියෙන් හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මඟින් හා මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් ලබාගත හැකි බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

 news images