මධ්‍යම පළාතේ පාසල්වල 10 වන ශ්‍රේණියට අදාළ තෙවන වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර 03ක් පිටවීම සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
විභාග දිනයට පෙර දිනයේදී විද්‍යාව, ගණිතය හා ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර මෙලෙස පිටවී ඇති බවයි පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් මධ්‍යම පළාතේ හිටපු අමාත්‍යවරයෙකු වන තිළිණ බණ්ඩාර තෙන්නකෝන් කියා සිටියේ.
මේ සම්බන්ධයෙන් අප මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ නිහාල් අලහකෝන්ගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ, අදාළ ප්‍රශ්න පත්‍ර එක්තරා පාසලක විදුහල්පතිවරයෙකු විසින් පිට කර තිබෙන සැකයක් මතුව ඇති බවටයි.
දිට්වා සුළිකුණාටුව හේතුවෙන් පාසල් සිසුන් පත් වූ පිඩාවන් සැලකිල්ලට ගෙන විභාග නොපවත්වා 6 ශ්‍රේණියේ සිට 9 වැනි ශ්‍රේණීය දක්වා වූ සිසුන්ට එම ප්‍රශ්න පත්‍ර බෙදා දී සාකච්චා කරන ලෙසත් 10 සහ 11 ශ්‍රේණි සඳහා පමණක් විභාග පවත්වන ලෙසත් විදුහල්පතිවරුන්ට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරු මගින් දැනුම් දී තිබුණා.
කෙසේ වෙතත් එක් විදුහල්පතිවරයෙකු සියලුම පන්තිවලට අදාළ ප්‍රශ්න පත්‍ර සිසුන් අතර පත් කිරිමෙන් මෙම ගැටලුව නිර්මාණය වී ඇති බවයි මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා වැඩි දුරටත් කියා සිටියේ.








