පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගිය කාලයේදී අයථා ලෙස රුපියල් ලක්ෂ 150ක මුදලක් එන්.ආර්. කන්සල්ටන්සි ආයතනයේ යෙදවීම හරහා මුදල් විශුද්ධිකරණ විරෝධි පනත උල්ලංඝනය කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පවරා ඇති නඩුව ලබන ජූලි මස 30 වැනිදා යළි විභාගයට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (29) නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සිවු දෙනා නඩුව කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියහ.
අදාළ විමර්ශන වාර්තා නීතිපතිවරයා වෙත යොමු කර ඇතත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් ස්ථිර උපදෙස් ලැබී නොමැති බව ආරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරයා හමුවේ දැනුම් දුන්නේය.
නීතිපතිවරයාගේ යොමු අංකය ඉදිරිපත් කරමින් නීතිපති උපෙදස් සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම අවස්ථාවේදී නීතිපතිවරයාගේ ස්ථාවරය ලැබෙන තෙක් නඩු විභාගය තාවකාලිකව අවසන් කර මීළඟ නඩු වාරයේදී පරීක්ෂණවල වත්මන් ප්‍රගතිය වාර්තා කරන ලෙස පොලීසියට නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, නිත්‍යා සේනානි සමරනායක, සුජානි බෝගොල්ලාගම සහ සුදර්ශන බණ්ඩාර ගනේගොඩ අයට එරෙහිව චෝදනා ගොනුකර ඇත.








