නීති­යට පට­හැ­ණිව වන්දි ලබා­ග­ත්තැයි ගෝඨාට නොතීසි

2022 වසරේ මැයි මස 09 වැනිදා අර­ග­ල­යට පහ­ර­දී­මෙන් පසුව දිව­යින පුරා ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධී­න්ව­ලින් සිය නිවාස ගිනි තැබීම හේතු­වෙන් සිදුවූ හානිය වෙනු­වෙන් නීති­යට පට­හැණි ලෙස වන්දි ලබා­ගත් හිටපු මැති ඇමැ­ති­ව­රු­න්ගෙන් එම වන්දි මුදල් යළි අය කර­ගැ­නීමේ නියෝ­ග­යක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයි­ති­වා­සි­කම් පෙත්සමේ වග­උ­ත්ත­ර­ක­රු­වන් ලෙස නම් කර සිටින හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ ඇතුළු පිරි­ස­කට මෙම නඩු­ක­රය සම්බන්ධ නොතීසි යැවී­මට පිය­වර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය විසින් පෙත්ස­ම්කාර පාර්ශ්වයේ නීති­ඥ­ව­රුන්ට ඊයේ (28) දැනුම්දී ඇත. ඒ අනුව අදාළ පෙත්සමේ වග­උ­ත්ත­ර­ක­රු­වන් ලෙස නම් කර සිටි හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ, හිටපු ආර­ක්ෂක ලේකම් විශ්‍රා­මික යුද හමුදා මේජර් ජෙන­රාල් කමල් ගුණ­රත්න, හිටපු පොලි­ස්පති සී.ඩී. වික්‍ර­ම­රත්න, හිටපු නාවික හමු­දා­පති නිශාන්ත උලු­ගේ­තැන්න, හිටපු මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍ය­ව­රුන් වන ප්‍රසන්න රණ­තුංග, ටිරාන් අලස් සහ මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ හිටපු ලේකම් ජගත් අල්විස් මහ­ත්වරු වෙත නොතීසි යැවී­මට පිය­වර ගන්නා ලෙසද අධි­ක­ර­ණය විසින් පෙත්ස­ම්කාර පාර්ශ්වයේ නීති­ඥ­ව­රුන්ට කළ නියෝ­ගයේ වැඩි­දු­ර­ටත් සඳ­හන්ව ඇත.

පාරි­ස­රික නීති­වේ­දි­යකු වන ආචාර්ය රවි­න්ද්‍ර­නාත් දාබරේ මහතා විසින් මෙම පෙත්සම ඉදි­රි­පත් කර තිබේ.

සුභා­ෂිණි සේනා­නා­යක