රනිල්ට මාර්තුවේ නඩු ලන්ඩන් ගමනේ විමර්ශන මාසයකදී හමාරයි

ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ්

ලන්ඩන් නුවර මහ ­කො­ම­සා­රිස් සරෝ පෙරේරා මහ­ත්මිය ඇතුළු 13 දෙන­කු­ගෙන් ප්‍රකාශ ලබා ගෙන තිබෙ­නවා. චින්තක කීර්ති රංග යන අයගේ ප්‍රකා­ශ­ව­ලට අනුව ජනා­ධි­පති ආර්‍යා­වට ගෞරව උපා­ධි­යක් පිරි­නැ­මීමේ අව­ස්ථා­ව­කට සහ­භාගි වූ බවට ප්‍රකාශ කර තිබෙ­නවා. සාමාන්‍ය බැල්ක­නියේ වාඩි වී සිටි බව­ටත් වේදි­කා­වට ආරා­ධනා ලැබී නැති බවත් එම ප්‍රකා­ශයේ සඳ­හන් වෙනවා.

පොදු දේපොළ අව­භා­විත කර­මින් සිය බිරි­යගේ උපාධි ප්‍රදා­නෝ­ත්ස­ව­යට සහ­භා­ගි­වී­මට ගිය ලන්ඩන් ගමන සම්බ­න්ධ­යෙන් හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට එරෙ­හිව ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණ­යක් හමුවේ මාර්තු මස අව­සන් වීමට පෙර නඩු පව­රන බව රජයේ අති­රේක සොලි­සි­ටර් ජන­රාල් දිලීප පීරිස් මහතා කොටුව මහේ­ස්ත්‍රාත් ඉසුරු නෙත්ති­කු­මා­රගේ මහතා හමුවේ ඊයේ (28) සඳ­හන් කළේය.

ඒ සම්බ­න්ධ­යෙන් තමන් නීති­ප­ති­ව­ර­යාට යෝජනා කළ බව ද දිලීප පීරිස් මහතා කියා සිටි­යේය.

රනිල් වික්‍ර­ම­සිංහ මහතා සිය බිරි­යගේ උපාධි ප්‍රදා­නෝ­ත්ස­ව­යට යන අව­ස්ථාවේ ඔහු ඇතුළු 10 දෙන­කු­ගෙන් යුක්ත කණ්ඩා­ය­මක් රජයේ මුදල් රුපි­යල් ලක්ෂ 166ක් ගෙවීම අනු­මත කර­මින් රජයේ මූල්‍ය නිල­ධා­රියා ලෙස කට­යුතු කළ හිටපු ජනා­ධි­පති ලේකම් ඒක­නා­යක මුදි­ය­න්සේ­ලාගේ සොමි­සාර බණ්ඩාර ඒක­නා­යක හෙවත් සමන් ඒක­නා­යක යන අය අධි­ක­ර­ණ­යට භාර­වී­මෙන් අන­තු­රුව ලබන පෙබ­ර­වාරි මස 11 තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස­ටද මහේ­ස්ත්‍රා­ත්ව­රයා මෙහි දී නියෝග කළේය.

“රජයේ ප්‍රධාන ගිණුම් නිල­ධා­රියා ලෙස හිටපු ජනා­ධි­ප­ති­ව­රයා කට­යුතු කර ඇති ආකා­රය සුපි­ළි­පන්න බවක් දක්නට නැහැ. පරී­ක්ෂා­කාරි බව­කුත් තිබී නැහැ. එංග­ල­න්තයේ මහ­කො­ම­සා­රිස් කාර්යා­ලයේ ප්‍රකාශ ලබ‍ාදී ඇති 16 දෙනාම එම සංචා­රය පෞද්ග­ලික සංචා­ර­යක් බවට සනාථ කර තිබීම ඇතුළු කරුණු ගණ­නා­වක් හේතු­වෙන් සැක­කරු වෙනු­වෙන් ඇප ඉල්ලීම ප්‍රති­ක්ෂේප කර­මින් සැක­කරු රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කළේය.

“අපි ගෙදර නැහැ හැංගිලා කියලා සමාජ මාධ්‍ය ජාල­වල යනවා. අපිට කිසිම නොතී­සි­යක් ලැබුණේ නෑ. එන්න කියපු හැම දව­ස­කම අපි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට ගියා. සුදුසු ඇප­යක් මත මුදා හරින ලෙස “ජනා­ධි­පති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි අව­ස්ථාවේ දී ඔහුව මෙසේ රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට නියෝග කළේය.

මහේ­ස්ත්‍රා­ත්ව­රයා මෙම නියෝ­ගය සිදු කරනු ලැබුවේ නීති­ප­ති­ව­රයා විසින් පසු­ගිය 26 වැනිදා ඔහු මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් දෙවැනි සැක­කරු ලෙස නම් කර ඇති බවත් අත්අ­ඩං­ගු­වට ගැනී­මට උත්සාහ කළද ඔහු පලා ගොස් සිටි බවත් අධි­ක­ර­ණය හමුවේ කරුණු දක්ව­මින් රජයේ අති­රේක සොලි­සි­ටර් ජන­රාල් දිලීප පීරිස් මහතා අධි­ක­ර­ණ­යට කළ කරුණු දැක්වී­මෙන් අන­තු­රු­වය.

එසේම සැක­ක­රු­ගෙන් ප්‍රකා­ශ­යක් ලබා ගැනී­මට අවශ්‍ය බවට දිලීප පිරිස් මහතා කළ ඉල්ලීම සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රයා ඒ සඳහා අවශ්‍ය පිය­වර ගන්නා ලෙස බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජන­රා­ල්ව­ර­යාට නියම කළේය.

මෙහි ප්‍රශ්න ගත ලිපිය වන වුල්ෆ්හැ­ම්ටන් විශ්ව­වි­ද්‍යා­ලයේ ලිපිය සම්බ­න්ධ­යෙන් ඉදිරි දිනට පෙර විම­ර්ශන කරන ලෙස නියෝග කළ මහේ­ස්ත්‍රා­ත්ව­රයා ඒ සඳහා එංග­ල­න්ත­යට යාම අන­වශ්‍ය බවත් විද්‍යුත් තැපෑල හරහා එම් එල් ඒ පනත යටතේ වහාම විම­ර්ශන කර ඉදිරි දින වාර්තා­වක් ඉදි­රි­පත් කරන ලෙසත් නියෝග කළේය.

විම­ර්ශන අව­සන් වූ වහාම අධි චෝදනා ගොනු කරන ලෙස­ටත් මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කළේය.

එහි දී නඩුව සම්බ­න්ධ­යෙන් දීර්ඝ කරුණු දැක්වී­මක් සිදු කර­මින් නඩුව කැඳවූ අව­ස්ථාවේ දී හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට අදාළ විම­ර්ශන කට­යුතු මාස­යක් තුළ අව­සන් කර මාර්තු මස අව­සන් වීමට පෙර විශේෂ ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණ­යක් යටතේ නඩු පැව­රී­මට කට­යුතු කරන බව නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් කරුණු දක්ව­මින් රජයේ අති­රේක සොලි­සි­ටර් ජන­රාල් දිලීප පීරිස් මහතා අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

නඩුව කැඳවූ අව­ස්ථා­වේදී ඇප මත මුදා හැර ඇති හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා විවෘත අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි­යේය.

සැක­කාර රනිල් වික්‍ර­ම­සිංහ මහතා පෞද්ග­ලික සංචා­ර­යක් සඳහා මෙම මුදල වැය කර ඇති බවත් ඒ සඳහා හිටපු ජනා­ධි­පති ලේක­ම්ව­රයා ලිපිය පළ­මුව පෞද්ග­ලික සංචා­ර­යක් පසුව සංචා­ර­යක් සහ අව­සා­නයේ නිල සංචා­ර­යක් ලෙස වෙනස් කර­මින් ආධාර අනු­බ­ලදී ඇතැ­යිද දිලීප පීරිස් මහතා අධි­ක­ර­ණය හමුවේ අව­ධා­ර­ණය කළේය.

නිල සංචා­ර­යක් බව කිය­මින් එංග­ල­න්ත­යට ගිය සංචා­රය සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පැමිණ ප්‍රකා­ශ­යක් ලබා දුන් අව­ස්ථාවේ හිටපු ජනා­ධි­ප­ති­ව­රයා ලබා දුන් “වුල්ෆ් හැම්ටන්” පෞද්ග­ලික විශ්ව­වි­ද්‍යා­ලයේ උපාධි ප්‍රදා­නෝ­ත්ස­වය සම්බ­න්ධ­යෙන් ලද බව කියන ලිපිය සැක සහිත බවත් මාස තුනක් තුළ සිදු කළ විම­ර්ශ­න­යට ප්‍රකාශ ලබා දීමට පැමිණි හිටපු ජනා­ධි­පති ලේකම් සමන් ඒක­නා­යක සහ ජනා­ධි­පති පෞද්ග­ලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන දෙදෙ­නාම එම ලිපිය සම්බ­න්ධ­යෙන් පර­ස්පර ප්‍රකාශ ලබා දී ඇති බැවින් පොදු දේපළ පනත යටතේ ඉදි­රි­පත් කර ඇති සැක­කාර හිටපු ජනා­ධි­ප­ති­ව­රයා සම්බ­න්ධ­යෙන් සිදු කරන විම­ර්ශන අව­සන් නොමැති බැවින් ඔහු රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස ඉල්ලා අති­රේක සොලි­සි­ටර් ජන­රාල් දිලීප පීරිස් මහතා කියා සිටි­යේය.

ඇප ලබා දීමේදී සැල­කිය යුතු සුවි­ශේෂි කරුණු කෙරෙහි පම­ණක් සලකා බලන්න. අදාළ සංචා­රය පිළි­බඳ ලන්ඩන් මහ­කො­ම­සා­රිස් කාර්යා­ලය විසින් නිකු­ත් කළ ලි­පිය සලකා බැලීමේ දී එය පෞද්ග­ලික සංචා­ර­යක් බවට පෙනී යනවා. හිටපු ජනා­ධි­පති ලේකම් සමන් ඒක­නා­යක මහතා ප්‍රකාශ ලබා දෙමින් කියා තිබෙන්නේ එය සංචා­ර­යක් බවයි. පෞද්ග­ලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා කියා තිබෙන්නේ ගමන් ගැන නොදන්නා නමුත් එහි ගිය බවයි. අවස්ථා තුනක දී සංචා­ර­යක් පෞද්ග­ලික සංචා­ර­යක් සහ අව­සන් වරට නිල සංචා­ර­යක් බවට ප්‍රකාශ කර තිබෙ­නවා. හිටපු ජනා­ධි­පති ලේක­ම්ව­ර­යාගේ ප්‍රකාශ මඟින් ඕනම තත්ව­යක් හමුවේ බේරී සිටී­මට අවශ්‍ය ලෙස ලිපිය සකස් කර තිබෙ­නවා යැයි කී දිලීප පීරිස් මහතා ඔහු ඇප මත මුදා හැරී­මට විරෝ­ධය ප්‍රකාශ කරන බව අධි­ක­ර­ණය හමුවේ කියා සිටි­යේය.

අමෙ­රි­කාව ඇතුළු රට­වල් දෙකක නිල සංචා­ර­ය­කින් පසුව එංග­ල­න්තයේ “වුල්ෆ් හැම්ටන්” පෞද්ග­ලික විශ්ව­වි­ද්‍යා­ලයේ පැවැති උපාධි ප්‍රදා­නෝ­ත්ස­ව­යක් සඳහා

පැමි­ණිල්ල සහ විත්තිය වෙන් වෙන් වශ­යෙන් ඉදි­රි­පත් කළ සියලු කරු­ණු­ව­ලට සවන් දුන් මහේ­ස්ත්‍රා­ත්ව­රයා සැක­කාර හිටපු ජනා­ධි­පති ලේක­ම්ව­රයා රිමාන්ඩ් බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස නියම කළේය.

නඩුව කැඳවූ අව­ස්ථාවේ දී දීර්ඝ කරුණු දැක්වී­මක් සිදු කර­මින් රජයේ අති­රේක සොලි­සි­ටර් ජන­රාල් දිලීප පීරිස් මහතා මෙසේ කරුණු දැක්වීය.

ස්වාමීනී මම අද කරුණු දක්වන්නේ ප්‍රස්තුත විශේෂ කාරණා තුනක් යට­තේයි. එහිදී රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට ලබා දුන් ඇප නියෝ­ගය නැවත සමා­ලෝ­ච­නය කර නිග­ම­න­යක් දෙන ලෙස ඉල්ලා සිටීම, අධි­ක­රණ අව­ස­රය මත නැවත වෛද්‍ය වාර්තා සමා­ලෝ­ච­නය කිරීම සහ පසු­ගිය 26 දින හිටපු ජනා­ධි­පති ලේකම් ඒක­නා­යක මුදි­ය­න්සේ­ලාගේ සොමි­සාර බණ්ඩාර ඒක­නා­යක හෙවත් සමන් ඒක­නා­යක යන අය සැක­ක­රු­වෙක් ලෙස ඉදි­රි­පත් කරන ලෙස නීති­ප­ති­ව­ර­යාගේ උප­දෙස් සම්බ­න්ධ­යෙ­නුයි.

වෛද්‍ය වාර්තා සම්බ­න්ධ­යෙන් කරුණු දක්වන අව­ස්ථා­වේදී දිලීප පීරිස් මහතා විත්ති කූඩුව දෙස බල­මින් කෝ සැක­කරු යනු­වෙන් ප්‍රශ්න කළේය. එම අව­ස්ථාවේ හිටපු ජනා­ධි­ප­ති­ව­රයා විත්ති කූඩුවේ ඇති බංකුව මත වාඩි වී සිටි­යේය.

ඒ බව අධි­ක­ර­ණයේ සිටි නීති­ඥ­ව­රුන් මහේ­ස්ත්‍රා­ත්ව­රයා හමුවේ දැනුම් දුන්නේය.

එහි දී විත්ති­කරු විත්ති­ කූ­ඩුවේ වාඩි වී සිටින බවට කළ දැනුම් දීමට අනුව වාඩි­වී­මට නම් අධි­ක­ර­ණයේ අව­ස­රය ලබා ගත යුතු බව දිලීප පීරිස් මහතා අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

එහිදී මහේ­ස්ත්‍රා­ත්ව­රයා හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට අව­වාද කර­මින් දැනුම් දුන්නේ අධි­ක­ර­ණය දැනු­වත් කර වාඩි­විය යුතු බවය. එහිදී හිටපු ජනා­ධි­ප­ති­ව­රයා විත්ති කූඩුවේ සිට­ගත් අතර නැවත අසුන් ගනු ලැබුවේ ඔහු වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­ව­රුන් අධි­ක­ර­ණයේ අව­ස­රය ලබා ගත් පසු­වය.

දිලීප පීරිස් මහතා :

ලන්ඩන් නුවර මහ­කො­ම­සා­රිස් සරෝ පෙරේරා මහ­ත්මිය ඇතුළු 13 දෙන­කු­ගෙන් ප්‍රකාශ ලබා ගෙන තිබෙ­නවා. චින්තක කීර්ති රංග යන අයගේ ප්‍රකා­ශ­ව­ලට අනුව ජනා­ධි­පති ආර්‍යා­වට ගෞරව උපා­ධි­යක් පිරි­නැ­මීමේ අව­ස්ථා­ව­කට සහ­භාගී වූ බවට ප්‍රකාශ කර තිබෙ­නවා. සාමාන්‍ය බැල්ක­නියේ වාඩි වී සිටි බව­ටත් වේදි­කා­වට ආරා­ධනා ලැබී නැති බවත් එම ප්‍රකා­ශයේ සඳ­හන් වෙනවා. එමෙන්ම එම උත්ස­වය දින කිහි­ප­යක් පුරා තිබූ බවත් මෙවැනි විශේෂ ගෞරව උපාධි රැසක් පිරි­නැමූ බවත් එහි සඳ­හන් වෙනවා. එමෙන්ම පී. සෞම්‍ය­සිරි ප්‍රනාන්දු යන අයගේ ප්‍රකා­ශ­යට අනුව එංග­ල­න්තයේ ශ්‍රී ලංකා මහ­කො­ම­සා­රිස් කාර්යා­ලයේ තට්ටු තුනක පිහිටි ගොඩ­නැ­ඟිල්ලේ හීටර් කැඩී ඇති බව­ටත් ඒ සඳහා පවුම් 15,000ක් අවශ්‍ය වුවද ඒ මුදල් නොදී පෞද්ග­ලික සංචා­ර­ය­කට මුදල් අනු­මත කිරී­මට අත්සන් කළේ හිතට එකඟ නොවන බව­ටත් ප්‍රකාශ කර තිබෙ­නවා.

මහේ­ස්ත්‍රා­ත්ව­රයා : පුද්ග­ලික සංචා­ර­ය­කට අම­ත­රව නිල සංචා­ර­යක් තිබු­ණද?

දිලීප පීරිස් මහතා :

නැහැ ස්වාමීනී. සොමි­සාර ඒක­නා­යක අමෙ­රි­කා­වට යනවා. එංග­ල­න්ත­යට එන්නේ නැහැ. ඔහු දන්නවා පුද්ග­ලික සංචා­ර­යක් බවට. 2023.09.01 ඉදි­රි­පත් කළ ලිපි­යට අනුව පළමු සැක­ක­රුට ලැබුණු නිල ආරා­ධ­න­යක් බවයි පේන්නේ. ප්‍රකාශ ලබා දුන් එංග­ල­න්තයේ සිටින එක සැක­ක­රු­ව­කු­ට­වත් මේ ලේඛ­නය ලැබී නැහැ.

ජනා­ධි­පති නීතිඥ කාලිංග ඉන්ද­තිස්ස මහතා :

ඔහු සැඟවී නැහැ. මේ වන­වි­ටත් ඔහු මෙම අධි­ක­ර­ණයේ සිටි­නවා. එම ඉල්ලීම ඉවත් කර­ගත්තේ එදින ඔහු සැක­ක­රු­වෙක් ලෙස නම් කරන බවට කළ දැනුම් දීම නිසයි. ඔහු සිය දිය­ණි­යගේ දරු ප්‍රසූ­ති­යට යාම­ටයි අව­සර ඉල්ලුවේ. මගේ සේවා­දා­ය­කයා අධි­ක­ර­ණය මඟ හැර නැහැ.

දිලීප පීරිස් මහතා :

සමන් ඒක­නා­යක ලෙස ඔහු ලිපි ගණ­නා­වක් හිටපු ජනා­ධි­පති ලේකම් නමින් අත්සන් කර තිබෙ­නවා. එය ඔහුගේ නම නෙවෙයි. එයත් සොයා බලන්න ඕනේ.

මහේ­ස්ත්‍රා­ත්ව­රයා :

මෙම නඩු­වට එය අදාළ වන්නේ නැහැ.

දිලීප පීරිස් මහතා :

වුල්ෆ්හැ­ම්ටන් කියන්නේ වෙනම ගම­නා­න්ත­යක්. ට්‍රාන්සිට් එකක් නෙවෙයි. මේක පුද්ග­ලික සංචා­ර­යක්. පුද්ග­ලික කියන වච­නය සමන් ඒක­නා­යක කියන සැක­කරු රවුම් කර­නවා. ඊට පසු පුද්ග­ලික හැලිලා නිකම් විසිට් වෙනවා. අව­සා­නයේ සමන් ඒක­නා­යක කියන සැක­කරු එය නිල සංචා­ර­යක් බවට පත් කර­නවා. ඊට විය­දම් ලැයි­ස්තුව අමු­ණ­නවා.

මහේ­ස්ත්‍රා­ත්ව­රයා :

එකම ගම­නක් සම්බ­න්ධ­යෙන් පුද්ග­ලික, නිල සංචාර කියලා වර්ග දෙකක් තිබෙ­න­වාද ?

දිලීප පීරිස් මහතා :

පුද්ග­ලික කියලා විය­දම් ලැයි­ස්තුව දානවා. පවුම් 40,445ක්.

මහේ­ස්ත්‍රා­ත්ව­රයා : මුලින් පුද්ග­ලික වී පසුව නිල වෙන්න හේතු­වක් තිබෙ­න­වාද?

දිලීප පීරිස් මහතා :

පුද්ග­ලික ලේක­ම්ව­රි­යගේ ස්ථාව­රය තමයි පුද්ග­ලික සංචා­ර­යක් කියලා උප­දෙස් දුන් බව. පසුව පළමු සැක­කරු එය නිල සංචා­ර­යක් බවට දැනුම් දුන් බව. සොමි­සාර රත්නා­යක නමැති දෙවැනි සැක­කරු තමයි මේ කට­යුතු සාධා­ර­ණී­ක­ර­ණය කරලා තිබෙන්නේ ස්වාමිනී, ලන්ඩන් නුවර හිටපු ජනා­ධි­ප­ති­ව­රයා කතා­වක් කරාලු. මහ­කො­ම­සා­රිස් කාර්යා­ල­යෙන් ගත් ප්‍රකා­ශ­ව­ලට අනුව බැල්ක­නියේ වාඩි වෙලා ඉඳලා තියෙන්නේ.

මහේ­ස්ත්‍රා­ත්ව­රයා :

කූට ලේඛන සඳහා චෝදනා ගොනු කර­ලද තියෙන්නේ?

දිලීප පීරිස් මහතා :

නැත ස්වාමීනී, මේ වන­විට ප්‍රකාශ 60කට ආසන්න ප්‍රමා­ණ­යක් ලබා ගෙන තිබෙ­නවා. ගෞරව උපා­ධිය ගැන දන්නේ ශ්‍රී ලංකා­වට ආවාම කියලා ප්‍රකා­ශ­වල සඳ­හන් වෙනවා. වුල්ෆ්හැ­ම්ටන් විශ්ව­වි­ද්‍යා­ල­යට ගිහින් මහ­ජන මුදල් අව­භා­විත කිරී­මක් කර තිබෙන්නේ. දෙවැනි සැක­කරු තමයි ඊට ආධාර අනු­බල දී තිබෙන්නේ.

මහේ­ස්ත්‍රා­ත්ව­රයා :

නීති­ප­ති­ව­රයා ඒ සම්බ­න්ධ­යෙන් ගෙන තිබෙන තීර­ණය සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණය සෑහී­ම­කට පත් වෙනවා. තවත් කෙටි ප්‍රශ්න­යක් තිබෙ­නවා. ශ්‍රී ලංකාවේ රාජ්‍ය­තා­න්ත්‍රි­ක­යෙක්ට විදේශ රට­කට යන­විට ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් තිබෙන ක්‍රියා­ක­ලා­පය කුමක්ද?

දිලීප පීරිස් මහතා :

ස්වාමීනී. විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය ඒ සම්බ­න්ධ­යෙන් සිදු කරන ක්‍රියා­ක­ලා­ප­යන් තිබෙ­නවා. ඒ රටේ විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශ­යට දැනුම් දීලා රාජ්‍ය ආර­ක්ෂාව ඉල්ල­නවා.

මහේ­ස්ත්‍රා­ත්ව­රයා :

ශ්‍රී ලංකා රජයේ ආර­ක්ෂ­ක­යන් ලබා දෙන­වාද? සංචා­රය පුද්ග­ලික වුවත්, නිල වුවත්?

දිලීප පීරිස් මහතා :

ආර­ක්ෂ­ක­යන්, පුද්ග­ලික වෛද්‍ය­ව­රයා, පුද්ග­ලික ලේකම් පවා වැඩක් නොක­ළත් මේ ගම­නට සහ­භාගි වී තිබෙ­නවා. ඔවුන්ට අදාළ ගෙවීම් සිදු කර තිබෙ­නවා. වෛද්‍ය­ව­ර­යාට නාවික හමු­දා­වෙන් ගෙවා තිබෙ­නවා.

පළමු සැක­කාර හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ තිලක් මාර­පන මහතා කරුණු දක්ව­මින් මෙසේ කියා සිටි­යේය.

මහේ­ස්ත්‍රා­ත්ව­රයා :

එය නිල උත්ස­ව­යක්ද?

තිලක් මාර­පන මහතා : නිල ආරා­ධ­නා­වක් තිබුණා මේ සම්බ­න්ධ­යෙන් අපිට ලැබුණේ 1දා.

මහේ­ස්ත්‍රා­ත්ව­රයා : එය නිල ආරා­ධ­න­යක් බවට පිළි­ගන්න හැකිද?

තිලක් මාර­පන මහතා : ස්වාමීනී, අපිට එහි රජය ආර­ක්ෂාව ලබා දුන්නා, නිල වාහන ලබා දුන්නා.

මහේ­ස්ත්‍රා­ත්ව­රයා :

ලිපියේ සද්භා­වය ගැන ප්‍රකා­ශය සට­හන් ගෙන තිබෙ­න­වාද?

දිලීප පීරිස් මහතා, මෙම ලිපිය ව්‍යාජ ලිපි­යක් බව දැන ගත්තේ රනිල් වික්‍ර­ම­සිංහ නමැති සැක­කරු අත්අ­ඩං­ගු­වට ගත්ත දිනයේ. මේ ගැන ලේකම්, පුද්ග­ලික ලේක­ම්වත් දන්නේ නැහැ ඒ අව­ස්ථාවේ.

තිලක් මාර­පන මහතා :

ජනා­ධි­ප­ති­ව­ර­යාට ලැබුණු ලිපිය ගැන විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශ­යෙන් ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යෙන් සොයන එක හොරාගේ අම්ම­ගෙන් පේන අහ­නවා වගේ වැඩක්. වුල්ෆ්හැ­ම්ටන් ගියා නම් මේ ගැන සොයන්න තිබුණා. එම්.එල්.ඒ. එක යටතේ මේ ගැන විම­සන්න තිබුණා. මේ කතා කරන්නේ මාධ්‍ය වාර්තා­ව­ලට.

මහේ­ස්ත්‍රා­ත්ව­රයා :

විම­ර්ශන සඳහා තවත් නියෝග අව­ශ්‍යද?

දිලීප පීරිස් මහතා : දෙවැනි සැක­ක­රුගේ ප්‍රකාශ සට­හන් කර­ගත යුතුයි. එම ප්‍රකා­ශ­ව­ලට අනුව දෙවැනි සැක­ක­රුගේ ප්‍රකා­ශද සට­හන් කර­ගැ­නී­මට සිදු වේවි. මෙහිදී නීතිඥ ගුණ­රත්න වන්නි­නා­යක මහ­තාද අද­හස් දැක්වීය. අ‍ෙම­රි­කාවේ ජනා­ධි­පති ගමන් කරන විට බ්ලැක්බොක්ස් එක අරං යනවා අවශ්‍ය වුව­හොත් බොත්තම ඔබන්න. මේ ජනා­ධි­ප­ති­ව­ර­ය­කුට තිබෙන අයි­ති­වා­සි­කම් යැයි කියා සිටි­යේය.

මෙහිදී අද­හස් දක්ව­මින් ජනා­ධි­පති නීතිඥ අනූජ ප්‍රේම­රත්න මහතා :

මම කොට­වන්නේ නැහැ. මගේ මවු­පි­යන් මට කොට­වන්න උග­න්වලා නැහැ.

මහේ­ස්ත්‍රා­ත්ව­රයා :

නීති­ප­ති­ව­රයා හමු­වී­මට අයි­ති­යක් තිබෙ­නවා. එය පිළි­ග­න්නවා.

මෙහිදී දෙවැනි සැක­කරු සමන් ඒක­නා­යක මහතා වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ කාලිංග ඉන්ද­තිස්ස මහතා කරුණු දැක්වීය.

සමාජ මාධ්‍ය­වල ගිය කතා සම්පූ­ර්ණ­යෙන්ම අස­ත්‍යයි. ඒවා ප්‍රති­ක්ෂේප කර­නවා. අපිට කිසිම නොතී­සි­යක් ලැබුණේ නැහැ. අපි දැනුම් දුන් සෑම අව­ස්ථා­ව­කම ආවා. පැමිණ ප්‍රකාශ ලබා දුන්නා. පැන­ගියේ සැඟ­වුණේ නැහැ. කිසිම අව­ස්ථා­වක විම­ර්ශන මඟ­හැර නැහැ. මෙහි කිසිම මාන­සික අංග­යක් නැහැ.

මහේ­ස්ත්‍රා­ත්ව­රයා :

මූල්‍ය ප්‍රධා­නියා ලෙස ලේඛන පරීක්ෂා කරලා නැහැ.

කාලිංග ඉන්ද­තිස්ස මහතා :

මම ලිපි­යක් නීති­ප­ති­ව­රයා වෙත යොමු කළා. මම වංගු ගහන්න යන්නේ නැහැ. කනංකේ ධම්ම­දින්න හිමිට එරෙ­හිව නීති­ප­ති­ව­රයා නඩු තීන්දු කිහි­ප­යක් කිය­වයි.

කාලිංග ඉන්ද­තිස්ස මහතා: අනු­බල දුන් බවට කිසිදු බී වාර්තා­වක නැහැ. සුදුසු ඇප­යක් මත මුදා හරින්න.

දිලීප පීරිස් මහතා :

පළමු සැක­ක­රුට පැහැ­දි­ලිව සහය දක්වන ලද සැඟවී සිටි පළ­පු­රුදු අප­රා­ධ­ක­රු­වෙක් දෙවැනි සැක­කරු. 22 දිනට පසුව ඔහුගේ දුර­ක­තන වැඩ නැහැ. එහා ගෙදර අයට පූසන්ට කෑම දාන්න කියලා හාල්මැ­ස්සන් තම්බලා දීලා නි‍ෙව­සින් ගිහින්.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරමින් අප්‍රේල් මස 29 දින අධි­ක­ර­ණ­යට වැඩි­දුර වාර්තා­වක් මඟින් දැනුම් දෙන ලෙස­ට විනිසුරුවරයා නියෝග කළේය.

සුභා­ෂිණී සේනා­නා­යක