කළුතර නගර මධ්‍යයේ ඊයේ (28) පස්වරුවේ සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන් පිරිසක් පැවැත්වූ විරෝධතාවයක් අතරතුර පුද්ගලයකුට පහර දුන් කළුතර මහ නගර සභා මන්ත්‍රීවරයෙකු කළුතර දකුණ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව, කළුතර මහ නගර සභා නාගරික මන්ත්‍රී ජයනාත් නවරත්න මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් වන අතර, ඔහු පහරකෑමෙන් පසු කළුතර දකුණ මූලස්ථාන පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
පහරදීම සිදු කළ නාගරික මන්ත්‍රීවරයා ද ඔවුන් විසින් පැවැත්වූ සාමකාමී විරෝධතාවයට බාධා කළ බව පවසමින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, කළුතර දකුණ මූලස්ථාන පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා.








