කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ස්ථාපිත කළ ස්වයංක්‍රීය දේශසීමා පාලන පද්ධතිය (Automated Border Control / E-Gate System) විවෘත කර තිබෙනවා.
ඒ අනුව, ජපාන රජයේ අරමුදල් සහාය ඇතිව, සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (I.O.M.) විසින් ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය මෙරට පළමු E-Gate පාලන පද්ධතිය ලෙසයි සඳහන් වන්නේ.
ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක වටිනාකමකින් ඉදි කළ මෙම ගේට්ටු පහසුකම යටතේ, බෝවන රෝග හඳුනා ගැනීම වැනි පහසුකම් ගණනාවක් ද ඇතුළත් අතර, මෙම පහසුකම යටතේ ගුවන්තොටුපොළේ කාර්යක්ෂමතාව ද ඉහළ නැංවීමේ හැකියාව පවතින බව සඳහන්.
කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන මගීන්ට තත්පර 40 ක් වැනි කෙටි කාලයක් තුළ සිය නිශ්කාශන කටයුතු නිම කර, ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයෙන් පිටව යාමට නව පද්ධතිය හරහා අවස්ථාව උදා වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.








