ආහාර සුර­ක්ෂි­ත­තාව විෂය නිර්දේ­ශ­යට සීමා නොවී දරු­වන්ගේ ආකල්ප හා චර්යා­වල කොට­සක් විය යුතුයි

ආහාර සුර­ක්ෂි­ත­තාව පාසල් විෂය නිර්දේ­ශ­යට පම­ණක් සීමා නොවී, එය දරු­වාගේ ආකල්ප සහ චර්යා­වන්හි කොට­සක් බවට පත් විය යුතු බව අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය ප්‍රකාශ කළාය. ගාලු­මු­ව­දොර හෝට­ල­යේදී ඊයේ (28) පැවති Òආහාර අංශයේ චක්‍රීය ආර්ථික ව්‍යාපෘ­තිය (2024 – 2027)Ó යටතේ දේශීය චක්‍රීය ආර්ථි­ක­යක් ගොඩ­නැ­ඟීම සහ ශක්ති­මත් කිරීම සඳහා වන අධ්‍යා­ප­නය පිළි­බඳ ජාතික වැඩ­මු­ළු­වේදී අග­මැ­ති­නිය මේ බව කියා සිටි­යාය.

යුරෝ­පීය සංග­මයේ (European Union) මූල්‍ය දාය­ක­ත්ව­යෙන්, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂි­කර්ම සංවි­ධා­නය (FAO) සහ Global Gateway වැඩ­ස­ට­හන යටතේ ක්‍රියා­ත්මක වන මේ වැඩ­මු­ළුවේ ප්‍රධාන අර­මුණු වූයේ, පාසල් අධ්‍යා­ප­න­යට චක්‍රීය ආර්ථික සංකල්ප ඇතු­ළත් කිරීමේ අභි­යෝග සහ අවස්ථා හඳු­නා­ගැ­නීම, ප්‍රති­පත්ති සම්පා­ද­ක­යන්, යෞවන හා නිපු­ණතා සංව­ර්ධන අංශ සහ විධි­මත් අධ්‍යා­පන පාර්ශ්ව­ක­රු­වන් හරහා ප්‍රායෝ­ගික ක්‍රියා­කාරී සැල­සුම් සකස් කිරීම, 2027 වසර දක්වා මෙරට ආහාර ක්ෂේත්‍රයේ තිර­සර චක්‍රීය ආර්ථික ක්‍රම­වේද ප්‍රව­ර්ධ­නය සඳහා අවශ්‍ය අධ්‍යා­ප­නික පද­නම සැක­සී­මයි.

එහිදී අග­මැ­ති­නිය වැඩි­දු­ර­ටත් මෙසේද ප්‍රකාශ කළාය.

අධ්‍යා­ප­නය යනු හුදෙක් විභාග සමත් වී රැකි­යා­වක් ලබා ගැනීම පම­ණක් නොවෙයි. සැබෑ අධ්‍යා­ප­නය යනු පුද්ග­ලයා තුළ සමා­ජය සහ පරි­ස­රය කෙරෙහි වග­කී­මක් මෙන්ම බැඳී­මක් ඇති කිරී­මයි. වර්ත­මා­නය වන විට අපට වඩාත් වැද­ගත් වන්නේ සම්පත් නැවත නැවත භාවි­ත­යට ගන්නා වූ ‘චක්‍රීය ආර්ථික’ (Circular Economy) සංක­ල්ප­යයි.

මේ සංක­ල්පය අපේ පැරැ­න්නන්ට අමුතු දෙයක් නොවෙයි. මගේ මත­ක­යට එන්නේ මගේ ආච්චි අම්මා. ඇය ආහාර අපතේ යෑම අවම කිරී­මට දැක්වූයේ පුදුම දක්ෂ­තා­වක්. අද අප ඉවත ලන පැෂන් ෆෘට් ලෙලි­ව­ලින් එදා ඇය රස­වත් ජෑම් සහ චට්නි හැදුවා. කිරි බෝත­ල්වල ලෝහ පියන් පවා ඉවත නොදමා ඒවා­යින් නි‍ෙවස හැඩ කරන විවිධ නිර්මාණ කළා. ‘කිසි­වක් ඉවත නොදැ­මීම’ ඔවුන්ගේ ජීවන දර්ශ­නය වුණා.

අද කාන්තාව දැඩි කාර්ය­බ­හු­ලයි. රැකි­යාව සහ දරු­වන්ගේ කට­යුතු අත­ර­තුර කාලය නැහැ. එළ­වළු හෝ ආහාර ස්වල්ප­යක් අපතේ යාම අද සාමාන්‍ය දෙයක් වී තිබෙ­නවා. මෙය හුදෙක් කාන්තා­වගේ පම­ණක් වග­කී­මක් නොවිය යුතුයි. නිවෙ­සක් තුළ මේ වග­කීම් සහ ශ්‍රමය සාමූ­හි­කව බෙදා­ගත යුතුයි.Ó

ආහාර බෙදා­ගැ­නී­මේදී තමන්ට අවශ්‍ය ප්‍රමා­ණය පම­ණක් ලබා ගැනීම, තමන්ගේ පිඟාන තමන්ම පිරි­සුදු කර­ගැ­නීම සහ සම්පත් සුරැ­කී­මට පෙල­ඹීම වැනි දෑ හුදෙක් පාඩම් නොව ජීවන රටා විය යුතුයි. ඒ සඳහා අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය ලෙස පූර්ණ සහ­යෝ­ගය ලබා දෙන බවත් අග­මැ­ති­නිය අව­ධා­ර­ණය කළාය.

ශ්‍රී ලංකාවේ සහ මාල­දි­ව­යිනේ යුරෝපා සංගම් දූත පිරිසේ තානා­ප­තිනි කාර්මන් මොරෙනෝ (H.E. Carmen Moreno), එම සංග­මයේ සහ­යෝ­ගිතා ප්‍රධානී ආචාර්ය ජොහාන් හෙසේ (Dr. Johann Hesse), FAO නියෝ­ජිත විම්ලේන්ද්‍ර ශරන් (Vimlendra Sharan) මහත්ම මහ­ත්මීන් ඇතුළු ජාතික අධ්‍යා­පන ආය­ත­නය (NIE) සහ රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන සංවි­ධාන රැසක නියෝ­ජි­තයෝ පිරි­සක් මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.

නුවන් කොඩි­කාර සහ සන්ධ්‍යා කරු­ණා­රත්න