වෘත්තිය ක්‍රියාමාර්ගය ගැන රජයේ වෛද්‍යවරු අද තීරණාත්මක සාකච්ඡාවක

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍ය කාරක සභාව අද දිනයේදී රැස්වීමට නියමිත අතර, එහිදී වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධ ඉදිරි තීරණ ගැනීමට නියමිතයි.

එසේම වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු කිරීම් අනිවාර්යයෙන් සිදුකරන බවත්, වෘත්තිය ක්‍රියාමාර්ගවලින් සිදුකරන බියගැන්වීම්වලට යටත් නොවන බවත්, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තවදුරටත් වෘත්තිය ක්‍රියාමාර්ග දියත් කර ඇති පසුබිමකයි.

ඒ අනුව රෝහල් පද්ධතිය තුළ නොමැති ඖෂධ ඔසුසැල්වලින් මිලදී ගැනීමට අදාළ ඖෂධ වට්ටෝරු නිකුත් කිරීම, රෝහල් තුළ සිදුකරගත නොහැකි රසායනාගාර සේවා බාහිර ස්ථානවලින් සිදුකර ගැනීමට අදාළ නිර්දේශ නිකුත් කිරීම ආදිය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සමග සිදුවන්නේ නැහැ.