පාකිස්තාන – ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කොමිසමේ 13 වන සැසිවාරයට සහභාගී වීම සදහා පාකිස්තාන ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ කර්මාන්ත සහ නිෂ්පාදන පිළිබද විශේෂ සහකාර හරූන් අක්තාර් ඛාන් මහතා තුන් දින නිල සංචාරයක් සදහා ඊයේ (27 )පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියේය .
මෙම සැසිවාරය ශ්‍රී ලංකාවේ වෙළද , වානිජ , ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබයි .
පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ සහකාර හරූන් අක්තාර් ඛාන් මහතා සමග දූත පිරිස ලෙස තවත් එරට උසස් නිලධාරීන් 05 දෙනෙකු ද පැමිණ සිටියහ .
ඔවුන් ඊයේ පස්වරු 04.00 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මෙම පිරිස පිළිගැනීම සදහා වෙළද , වානිජ , ආහාර සුරක්ෂිතතා පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්.ජයවර්ධන මහතා ඇතුළු එම අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .








