ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය ඓතිහාසික බැඳීමකින් බැඳී ඇති හවුල්කරුවන් බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසා තිබෙනවා.
ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ, ඊයේ දිනට යෙදී තිබුණු ඉන්දියාවේ 77 වන ජනරජ දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින්.
“ඔබේ 77 වන ජනරජ දිනය සමරන මේ අවස්ථාවේදී, එක්සත් ජනපද ජනතාව වෙනුවෙන්, මම ඉන්දීය රජයට සහ ජනතාවට මගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි,” යනුවෙන් ට්රම්ප් සිය සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන් කර තිබුණා.
එමෙන්ම ඔහු එම පණිවිඩය හරහා පෙන්වා දී තිබුණේ, ලෝකයේ පැරණිතම සහ විශාලතම ප්රජාතන්ත්රවාදී රටවල් ලෙස එක්සත් ජනපදය සහ ඉන්දියාව ඓතිහාසික බැඳීමක් බෙදා ගන්නා බවයි.
මේ අතර එක්සත් ජනපද රාජ්ය ලේකම් මාර්කෝ රුබියෝ ද සුබ පැතුම් එක් කරමින් ඉන්දියාව සහ අමෙරිකාව අතර ප්රධාන අංශ හරහා සහයෝගීතාව පුළුල් කිරීම පෙන්වා දී තිබුණා.
එහි දී ඔහු සඳහන් කර තිබුණේ, “ආරක්ෂක, බලශක්තිය, තීරණාත්මක ඛනිජ සහ නැගී එන තාක්ෂණයන් පිළිබඳ අපගේ සමීප සහයෝගීතාවයේ සිට බහු ස්ථර සම්බන්ධතාවය දක්වා, එක්සත් ජනපද-ඉන්දියානු සම්බන්ධතාවය අපගේ රටවල් දෙකට සහ ඉන්දු-පැසිෆික් කලාපයට සැබෑ ප්රතිඵල ලබා දෙයි,” යනුවෙන්.








