ආපදාවෙන් බලපෑමට ලක්වූ තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර සවිබල ගැන්වීමට අදාළ නව චක්‍රලේඛය නිකුත් කෙරේ

දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ හදීසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව බිඳ වැටී ඇති ජන ජීවිතය යථාවත් කිරීමට නිකුත් කරන ලද (08/2025) වක්‍රලේඛයට සමගාමීව හානියට පත් තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර සඳහා සහන සැලසීම අරමුණු කරගෙන නව චක්‍රලේඛයක් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබෙනවා.

ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වු ජනතාව සවිබල ගැන්විම සඳහා වන රජයේ වැඩසටහන 2025.12.05 දිනැති අංක 08/2025 දරන අයවැය චක්‍රලේඛය මඟින් ප්‍රකාශයට පත්කළ අතර, එම සහන තවදුරටත් පුළුල් කරමින් වඩා කාර්යක්ෂමව හා ඵලදායිව සලසා දිම සඳහා 2025.12.20 දිනැති අංක 08/2025(i) දරන චක්‍රලේඛය හා 2026.01.22 දිනැති අංක 08/2025(iii) දරන චක්‍රලේඛය මෙසේ නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව මේ යටතේ ආපදාවෙන් බලපෑමට ලක්ව ඇණහිට ඇති ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට සුදුසු තත්ත්වයට පත් කිරීම සඳහා එක්වරක් පමණක් ගෙවනු ලබන දීමනාව හා ආපදා බලපෑම හේතුවෙන් හානි වී ඇති ස්ථීර ව්‍යාපාරික ගොඩනැඟිලි සඳහා ව්‍යාපාර ගොඩනැඟිලි හිමියෙකුට නැවත තම ව්‍යාපාරික ස්ථානය යථාවත් කර ගැනීම සඳහා දෙනු ලබන දීමනාව සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

 news images news images