මෙරෙට සිදුවන රථවාහන අනතුරු මරණ සහ බරපතල තුවාල අවම කිරීමේ අරමුණින්, ආසන පටි පැළඳීමේ නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව දඩ පැනවීම අද (27) සිට දිවයින පුරා දැඩිව ක්රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා.
මෙම නීතියට අනුගත වීම සඳහා රියදුරන්ට ලබා දී තිබූ මාස තුනක සහන කාලය පසුගිය දෙසැම්බර් 24 වැනිදායින් අවසන් වූ බව එම සභාවේ සභාපති මංජුල කුලරත්න තහවුරු කළා.








