මහ කන්නයේ වී මිළදී ගැනීම මේ සතියේ ඇරඹේ

මහ කන්නයේ වී මිළදී ගැනීමේ කටයුතු මේ සතියේ ආරම්භ කරන බව අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම පවසනවා.

මේ වන විට අම්පාර දිස්ත්‍රික්කය ඇතුලු ප්‍රදේශ කිහිපයක වී අස්වනු නෙලීම ආරම්භ වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව රජයේ සහතික මිල වන සම්බා වී කිලෝවක් රුපියල් 130කටත්, කීරී සම්බා වී කිලෝවක් රුපියල් 140කටත්, නිඩු වී කිලෝවක් රුපියල් 120කටත් මිලදී ගැනීමටයි නියමිතව ඇත්තේ.

කෙසේ වෙතත්, වී සදහා ස්ථාවර මිලක් නොමැතිවීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව දමන, එරගම, අඩ්ඩාලච්චේන, අක්කරෛයිපත්තුව සහ සමන්තුරේ යන ප්‍රදේශවල ගොවීන් චෝදනා කරනවා.