ජන­වා­රියේ සති තුනක රේගුවේ ආදා­යම බිලි­යන 175.4යි

ශ්‍රී ලංකා රේගුව සඳහා 2026 ජන­වාරි මාසයේ දී ලබාදී තිබූ ආදා­යම් ඉල­ක්කය වූ රුපි­යල් බිලි­යන 160.2 අගය ඉක්ම­ව­මින් සති තුනක් තුළ රුපි­යල් බිලි­යන 175.4ක ආදා­ය­මක් රැස් කර­ගැ­නී­මට සමත්ව තිබේ.

2026 ජාත්‍ය­න්තර රේගු දිනය යෙදී තිබූ ඊයේ (26) දිනයේ මෙම ආදා­යම වාර්තා වී තිබිණි. 2026 ජන­වාරි මාසය සඳහා රේගුව වෙත ලබාදී තිබූ ආදා­යම් ඉල­ක්කය රුපි­යල් බිලි­යන 160.2කි. ඒ අනුව මෙම ඉල­ක්ක­යට වඩා රුපි­යල් බිලි­යන 15.2ක් වාර්තා කිරී­මට රේගුව සමත්ව තිබේ.

එම මාසය සඳහා අපේ­ක්ෂිත රුපි­යල් බිලි­යන 160.2ක ඉල­ක්ක­යට වඩා 9.5%ක වර්ධ­න­යක් බව ද ශ්‍රී ලංකා රේගුව පෙන්වා දෙයි.

2025 වසරේ දී ශ්‍රී ලංකා රේගුව එහි ඉති­හා­සය පුරා වාර්තා කළ වැඩිම වාර්ෂික ආදා­යම රැස් කිරී­මට සමත් වූ අතර, එය රුපි­යල් බිලි­යන 2,551කි. 2025 වසර සඳහා ලබා දී තිබූ ආදා­යම් ඉල­ක්කය රුපි­යල් බිලි­යන 2,241කි එම ආදා­යම් ඉල­ක්කය සපුරා­ල­මින් මෙම ඉති­හා­සයේ වැඩිම ආදා­යම රැස් කර­ගත් රේගුව 2024 වසරේ හිමි­ක­ර­ගෙන තිබූ සමස්ත ආදා­යම රුපි­යල් බිලි­යන 1,553කි. 2024 ආදා­යම 2025 වසර හා සැස­ඳී­මේදී එය සිය­යට 64.2ක වර්ධ­න­යක් බව ද රේගු දත්ත පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා රේගු­වට 2026 වසර සඳහා ලබාදී ඇති ආදා­යම් ඉල­ක්කය රුපි­යල් බිලි­යන 2,207කි. මෙම වසරේ අපගේ ප්‍රධාන උපායමාර්ගික අර­මුණ වන්නේ රජයේ ප්‍රති­ප­ත්ති­යට අනු­කූ­ලව ඉති­රිව ඇති සිය­ලුම අංශ ආව­ර­ණය වන පරිදි ක්‍රියා පටි­පාටි සම්පූ­ර්ණ­යෙන් ඩිජි­ට­ල්ක­ර­ණය කිරීම, වේග­වත් සේවා සැප­යීම, වැඩි විනි­වි­ද­භා­ව­යක්, වැඩි­දි­යුණු කළ කාර්ය­ක්ෂ­ම­තාව සහ මුහු­ණට මුහුණ අන්ත­ර්ක්‍රියා අඩු කිරීම සහ­තික කිරීම බව රේගු අධ්‍යක්ෂ ජන­රාල් සීවලී අරු­ක්ගොඩ මහතා පැව­සීය. එමෙන්ම රේගු නීති තදින් ක්‍රියා­ත්මක කිරීම, භාණ්ඩ තක්සේරු කිරීමේ ක්‍රම­වේද වැඩි­දි­යුණු කිරීම සහ වසර කිහි­ප­යක පසු­බෑ­ම­කට පසු ආන­යන ප්‍රමා­ණය නැවත ඉහළ යාම ජන­වාරි මාසයේ මෙම ආදා­යම් වර්ධ­න­යට හේතු වූ බව ද හෙතෙම කියා සිටි­යේය. භාණ්ඩ­වල වටි­නා­කම අඩු කර පෙන්වීම සහ වැරදි ලෙස භාණ්ඩ ප්‍රකාශ කිරීම් පිළි­බඳ දැඩි ලෙස නිරී­ක්ෂ­ණය කිරීම හරහා රජයේ ආදා­යම තව­දු­ර­ටත් ශක්ති­මත් වී ඇතැ­යිද හෙතෙම පෙන්වා දුන්නේය.

සුභා­ෂිණී සේනා­නා­යක