කොළඹදී පැවති 77 වැනි ඉන්දීය ජනරජ දිනය සැමරුමට දේශපාලන ප්‍රබලයින් රැසක්

77 වැනි ඉන්දියානු ජනරජය දිනය නිමිත්තෙන් විශේෂ උත්සවයක් මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේදී ඊයේ (26) රාත්‍රියේ පැවැත්වුණා.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සයි.

එමෙන්ම, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ ද එක්ව තිබෙනවා.

මීට අමතරව, තවත් දේශපාලන පක්ෂ නායකයින් මෙන්ම තවත් මැති ඇමතිවරුන් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.

ඉන්දියාවේ 77 වැනි ජනරජ දිනය ඊයේ එරට ජනාධිපති ද්‍රොපදී මුර්මු සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් නවදිල්ලි නුවරදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.