2026 වසරේ ගත වූ දින 25 තුළ රිය අනතුරුවලින් 155 ක් මරුට

මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට 25 වැනිදා දක්වා ගත වූ කාලය තුළ රිය අනතුරු 1,375 ක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.

එහිදී, මාරක රිය අනතුරු 147 ක් සිදුවී ඇති බවත්, ඉන් පුද්ගලයන් 155 දෙනෙකු මිය ගොස් ඇති බවයි රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව, නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර සඳහන් කළේ.

එසේම බරපතළ රිය අනතුරු 328 ක් හා සුළු අනතුරු 678 ක්ද සිදුව ඇති බවත්, අවිනීත රියදුරන් සම්බන්ධයෙන් නීතිය උපරිම වශයෙන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.