ජාතික නිවාස වැඩ­ස­ට­හන අග­මැ­තිනි ප්‍රධා­න­ත්ව­යෙන් හෙට ගාල්ලේදී

“තමන්ගේ තැනක්–ලස්සන ජීවි­ත­යක්” යන තේමාව යටතේ ක්‍රියා­ත්මක 2026 ජාතික නිවාස වැඩ­ස­ට­හන අග­මැ­තිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­වි­යගේ ප්‍රධා­න­ත්ව­යෙන් ගාල්ල නග­ර­යේදී හෙට (28) උත්ක­ර්ෂ­වත් ලෙස ආරම්භ කිරී­මට නිය­මි­තය.

මෙම ජාතික නිවාස වැඩ­ස­ට­හ­නේදී ප්‍රති­ලා­භීන් 200කට අධික සංඛ්‍යා­ව­කට නිවාස ඉදි­කි­රීම සඳහා අවශ්‍ය ආධාර මුදල් පිරි­නැ­මී­මට කට­යුතු සූදා­නම් කර ඇති බව නිවාස, ඉදි­කි­රීම් සහ ජල සම්පා­දන ඇමැති සුසිල් රණ­සිංහ මහතා ප්‍රකාශ කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ ඊයේ (26) පැවැති මාධ්‍ය හමු­ව­කට එක්වෙ­මින් එසේ සඳ­හන් කළ අමා­ත්‍ය­ව­රයා පැව­සුවේ මෙය ජාතික නිවාස සංව­ර්ධන අධි­කා­රිය යටතේ ආරම්භ වන පළමු ව්‍යාපෘ­තිය බවය.

නිවාස ඉදි­කි­රීම් අමා­ත්‍යාං­ශය යටතේ දැනට ප්‍රධාන නිවාස ව්‍යාපෘති දෙකක් ක්‍රියා­ත්මක වන අතර, ඉන් එක් වැඩ­ස­ට­හ­නක් යටතේ අභ්‍ය­න්තර අව­තැන් වූවන් වෙනු­වෙන් නිවාස ඉදි­කි­රීම සිදු කෙරේ.

ඒ අනුව, යුද්ධ­යෙන් අව­තැන් වූ උතුරු සහ නැ‍ඟෙන­හිර පවුල් නැවත පදිංචි කිරීම සඳහා නිවාස 2500ක් ඉදි­කි­රීමේ වැඩ­ස­ට­හන ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් යාප­නය චාව­ක­ච්චේ­රිය ප්‍රදේ­ශ­යෙන් පසු­ගි­යදා ආරම්භ කරන ලදි.

මීට අම­ත­රව, ‘දිට්වා’ සුළි කුණා­ටු­වෙන් නිවාස අහිමි වූ ජන­තාව වෙනු­වෙන් ද විශේෂ නිවාස ඉදි­කි­රීමේ වැඩ­ස­ට­හ­නක් රජය විසින් ක්‍රියා­ත්මක කරනු ලබයි.

සමස්ත ජන­තා­වගේ නිවාස අව­ශ්‍යතා සපු­රා­ලීම අර­මුණු කර­ග­නි­මින්, රාජ්‍ය සේව­ක­යන් සඳහා වෙන­මම නිවාස වැඩ­ස­ට­හ­නක් සහ විදේ­ශ­ග­තව සිටින ශ්‍රී ලාංකි­ක­යන් වෙනු­වෙන් විශේෂ නිවාස ඉදි­කි­රීමේ ණය යෝජනා ක්‍රම­යක් ද දැන­ට­මත් ක්‍රියා­ත්මක කර ඇති බව අමාත්‍ය සුසිල් රණ­සිංහ මහතා වැඩි­දු­ර­ටත් අව­ධා­ර­ණය කළේය.

මෙම සාක­ච්ඡා­වට ජාතික නිවාස සංව­ර්ධන අධි­කා­රියේ සභා­පති අර­වින්ද සිරි­නාත මහ­තාද එක්විය.

චමීර ඇල්ල­දෙ­ණිය