ශිරන්ති රාජපක්ෂට අද දිනයේ FCID වෙත පැමිණිය නොහැකි බව දැනුම් දෙයි

පෞද්ගලික හේතුවක් මත තමාට අද (27) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට නොහැකි බව ශිරන්ති රාජපක්ෂ එම ‍කොට්ඨාසය වෙත දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, නීතීඥයෙකු මාර්ගයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත අදාළ දැනුම් දීම ලිඛිතව සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇයට අද (27) පෙරවරු 9.00 ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස පසුගිය සිකුරාදා දිනයේ දැනුම්දීමක් සිදුකර තිබුණු අතර, අද දිනයේ පැමිණීමට නොහැකි නිසා ඒ සඳහා සති දෙකකින් පසු දිනයක් ලබාදෙන ලෙසට ශිරන්ති රාජපක්ෂ ඉල්ලීමක් කර තිබෙනවා.

මහින්ද රාජපක්ෂ, ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ‘සිරිලිය’ නමින් පවත්වාගෙන ගිය ගිණුමක සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙම කැඳවීම සිදු කර තිබුණු බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.