දියවන්නා ඔය දෙපස පිහිටි ඉඩම් කොටස් 09 ක් විනෝදාස්වාද සංවර්ධන ව්‍යාපෘති සඳහා යෙදවීමට යෝජනා කැඳවයි

කඩුවෙල නගර සංවර්ධන සැලැස්ම යටතේ 2024 වර්ෂයේදී ප්‍රකාශයට පත් කර ඇති පරිදි, නාගරික සංවර්ධන අධිකාරිය විසින් මහජනයාගේ විනෝදාස්වාදය සඳහා දියවන්නා ඔය දෙපස පිහිටි ඉඩම් යොදා ගනිමින් Frolic Island Recreational Hub ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයට යාබදව ‍දියවන්නා ඔය දෙපස පිහිටි අක්කර 13.57 ක සම්පූර්ණ භූමි ප්‍රමාණයකින් යුත් බිම් කොටස් 09 ක් හඳුනාගනු ලැබ ඇති බවයි සඳහන් වන්නේ.

එම බිම් කොටස් විනෝදාස්වාද ක්‍රියාකාරකම් සහිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු ආයෝජකයින් වෙත බදු පදනම මත බැහැර කිරීම සඳහා රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුගතව, ජාත්‍යන්තර තරගකාරි ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින්, ආයෝජන යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර තිබෙනවා.

 news images