ඉන්දුනීසියාවේ සිට අල්ලාගෙන මෙරටට රැගෙන ආ පාතාලයේ ප්රබල අපරාධකරුවෙක් වන කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධයෙන් කෙෙරන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ගැනීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඊයේ (26) කැඳවා තිබුණි.
නාමල් රාජපක්ෂ මහතා කෙහෙල්බද්දර පද්මේ සමඟ යම් සම්බන්ධයක් තිබී ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇති කරුණු සම්බන්ධයෙන් ප්රකාශ ගැනීම සඳහා ඔහුව කැඳවූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. ඉන්දීය ජනරජ දින සැමරුම සඳහා ඉන්දියාවෙන් ලද ආරාධනයකට අනුව ඉන්දියාවේ ඔඩිසා ප්රාන්තය බලා නාමල් රාජපක්ෂ මහතා පිටත්ව ගොස් ඇති බැවින් මෙදින පැමිණීමට නොහැකි බව දැනුම්දුන් බවද එම උසස් පොලිස් නිලධාරියා පැවසීය.
නාමල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණීමෙන් අනතුරුව වෙනත් දිනයකදී ඔහුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවන බව ද එම උසස් නිලධාරියා වැඩිදුරටත් ප්රකාශ කළේය. කෙහෙල්බද්දර පද්මේ සමඟ සම්බන්ධකම් පැවැත්වූ රංගන ශිල්පිනියන් හා නිරූපණ ශිල්පිණියන් කිහිපදෙනෙකුගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ප්රශ්න කර තිබුණි.
ගයාන් කුමාර වීරසිංහ








