අස්වැසුම පළමු අදියර සහ දෙවන අදියරට සුදුසුකම් ලැබූ ප්රතිලාභීන්ගේ ජනවාරි මස දීමනාව මෙන්ම එම අදියර දෙකටම අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනාව හෙට (28) දිනයේ එම ප්රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා.
ඒ අනුව අස්වැසුම පළමු අදියරට අදාළව රුපියල් 11,234,713,750.00 ක මුදලක් ප්රතිලාභී පවුල් 1,415,584 ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.
අස්වැසුම පළමු අදියරට අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනාව ලෙස රු. 3,092,200,000.00 ක මුදලක් ප්රතිලාභීන් 618,440 අතරේ බෙදා හැරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ නිවේදනය පහතින්.









