ව්‍යාපාර ගොඩ­ගන්න ජාත්‍ය­න්තර මූල්‍ය සංස්ථා­වෙන් රු. කෝටි 4,980ක්

ශ්‍රී ලාංකික ව්‍යාපා­ර­ව­ලට සහාය වීම සහ ආර්ථික ස්ථායි­ක­ර­ණයේ සිට ආර්ථි­කය ස්ථාව­ර­ත්ව­යෙන් තිර­සර වර්ධ­න­යක් කරා ගෙන යෑම වෙනු­වෙන් රුපි­යල් කෝටි 4,980ක (අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 166 ක) ආයෝ­ජන වැඩ­ස­ට­හ­නක් ලෝක බැංකු සමූ­හ­යට අයත් ජාත්‍ය­න්තර මූල්‍ය සංස්ථාව (IFC) විසින් ප්‍රකා­ශ­යට පත්කර තිබේ.

මේ වැඩ­ස­ට­හ­නෙන් කාන්තා­වන් සතු ව්‍යාපාර සහ කෘෂි ව්‍යාපාර අංශය සවි­බල ගැන්වීම කෙරෙහි අව­ධා­නය යොමු­කර ඇත. ඒ තුළින් කුඩා හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­යි­කා­වන් සඳහා මූල්‍ය ප්‍රවේ­ශය පුළුල් කිරීම අර­මුණු කරන බව ජාත්‍ය­න්තර මූල්‍ය සංස්ථාව පව­සයි. ශ්‍රී ලංකාවේ සිය­ලුම ව්‍යාපා­ර­ව­ලින් සිය­යට 75කට වඩා සහ රැකි­යා­ව­ලින් සිය­යට 45ක් කුඩා හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යන් නියෝ­ජ­නය කරයි. ණය සඳහා වන ප්‍රවේ­ශය ඔවුන්ගේ ව්‍යාප්ති­යට සැල­කිය යුතු බාධ­ක­යක් ලෙස පව­තින බවත් ජාත්‍ය­න්තර මූල්‍ය සංස්ථාව සඳ­හන් කරයි. ඒ අනුව ලෝක බැංකු සමූ­හය සහ ප්‍රධාන ජාතික ප්‍රමු­ඛතා යන දෙකම සමඟ සම­පාත වන මේ හවු­ල්කා­රි­ත්වය මෙරට ප්‍රමු­ඛ­තම වාණිජ බැංකු තුනක සහ­භා­ගි­ත්වය යටතේ මෙරට ව්‍යාපා­ර­ව­ලට අභි­යෝග ජය ගැනී­මට උප­කාර කිරීම, රටේ දිගු­කා­ලීන ආර්ථි­ක­යට ඔරොත්තු දීමේ හැකි­යා­වට සහාය වීම සහ කුඩා හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යන් ඉල­ක්ක­ගත විස­ඳුම් දීම අර­මුණු කර තිබේ. මේ සම්බ­න්ධව අද­හස් දක්ව­මින් ආසි­යාවේ සහ පැසි­ෆික් කලා­පයේ මූල්‍ය ආය­තන සමූ­හයේ IFC කලා­පීය කර්මාන්ත අධ්‍යක්ෂ ඇලන් ෆෝලෙමු සඳ­හන් කර ඇත්තේ සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යාපාර ශ්‍රී ලංකා ආර්ථි­කයේ කොඳු නාර­ටිය වන බවත්, රැකියා නිර්මා­ණය සඳහා ඒවායේ වර්ධ­නය අත්‍ය­වශ්‍ය වන බවත්ය. අර්බු­ද­කාරී කාල­ව­ලදී පෞද්ග­ලික ප්‍රාග්ධ­නය පසු­බ­සින විට මැදි­හත් වීමෙන් ජාත්‍ය­න්තර මූල්‍ය සංස්ථාව තීර­ණා­ත්මක ප්‍රති­ච­ක්‍රිය කාර්ය­භා­ර­යක් ඉටු කරනු ලැබූ බවත් සඳ­හන් කර ඇති ඒ මහතා ඒ අනුව කාන්තා­වන් විසින් මෙහෙ­ය­වන ව්‍යාපාර, කුඩා වතු හිමි­යන් ගොවීන් සහ ප්‍රකෘ­ති­මත් වීමට හේතු වන අංශ වෙත ප්‍රාග්ධ­නය යොමු කිරී­මට මෙරට බැංකු­ව­ලට උප­කාර කිරී­මෙන් ශ්‍රී ලංකාව යථා තත්ව­යට පත් කිරී­මට පම­ණක් නොව වැඩි ඔරොත්තු දීමේ හැකි­යාව ජාත්‍ය­න්තර මූල්‍ය සංස්ථාව විසින් දෙන බව ද පෙන්වා දී ඇත.