වතු කම්ක­රු­වන්ට වැඩි කළ රු.1750 වැටුප පෙබ. 10දා දෙනවා

වතු කම්ක­රු­වන් සඳහා වැඩි කළ රුපි­යල් 1750 වැටුප පෙබ­ර­වාරි මස 10 වැනි දින දෙන බව වැවිලි හා ප්‍රජා යටි­තල පහ­සු­කම් නියෝජ්‍ය ඇමැති සුන්ද­ර­ලිං­ගම් ප්‍රදීප් මහතා පැව­සීය. නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා මේ බව පැව­සුවේ ගොඩ­ක­වෙල සම්බ­න්ධී­ක­රණ කාර්යා­ල­යේදී ඊයේ (25) පැවති මාධ්‍ය හමු­වේ­දීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා මෙලෙස ද කීවේය.

“වතු කම්කරු ජන­තාව වෙනු­වෙන් 2026 වර්ෂයේ අය-වැයෙන් වැටුප් වැඩි වීමක් දෙන බව ප්‍රකාශ වුණා. වැඩි කළ එම මුදල් තව­මත් දී නැති බව කිය­මින් විවිධ පිරිස් විවිධ කතා කිය­නවා. කම්කරු ජන­තාව මේ වර්ෂයේ ජන­වාරි මස පළමු දින සිට කළ සේව­යට ඔවුන්ගේ අතට වැටුප් ලැබෙන්නේ පෙබ­ර­වාරි මස 10 වැනිදා. එනිසා ජන­තාව නොමඟ යවන ප්‍රකාශ නිකුත් කිරී­මෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටි­නවා. මූලික වැටුප සඳහා රුපි­යල් දෙසී­යක මුද­ලක් වතු සමා­ගම මඟින් වැඩි කර දෙනවා. රජ­යෙන් පැමි­ණීමේ දිරි දීම­නාව ලෙස දින­කට රුපි­යල් දෙසී­යක මුද­ලක් දීමට නිය­මි­තයි.”