78 වැනි නිද­හස ‘ගොඩ­න­ඟමු ශ්‍රී ලංකා’ තේමා­වෙන්

හැත්තෑ අට වැනි ජාතික නිද­හස් දින උලෙළ මෙවර ‘ගොඩ­න­ඟමු ශ්‍රී ලංකා’ තේමා­වෙන් අභි­මා­න­වත් අයු­රින් සැම­රී­මට රජය සියලු කට­යුතු මේ වන විට සූදා­නම් කර තිබේ. නිද­හස් උලෙළේ තේමාව සහ නිල ලාංඡ­නය රාජ්‍ය පරි­පා­ලන, ස්වදේශ කට­යුතු, පළාත් සභා හා පළාත් පාලන අමා­ත්‍යාං­ශය විසින් පසු­ගි­යදා එළි­දැ­ක්වීය.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් නිද­හස් දින (04) උත්ස­වය කොළඹ නිද­හස් චතු­ර­ස්‍ර­යේදී පැවැ­ත්වෙන අතර, අදාළ පෙර­හුරු වැඩ­ස­ට­හන් මේ මස 30 වැනිදා දක්වා සිදු කෙරේ.

ඒ වෙනු­වෙන් විශේෂ රථ වාහන සැලැ­ස්මක් ද ක්‍රියා­ත්මක වන අතර, කොළඹ අවට පාස­ල්ව­ලට අව­හි­ර­යක් නොවන පරිදි මෙවර පෙර­හුරු වැඩ­ස­ට­හන් පැවැ­ත්වී­මට සංවි­ධා­යක කමි­ටුව පිය­වර ගෙන ඇත.

නිද­හස් දින සමරු උලෙ­ළට සම­ගා­මීව ශ්‍රී ලංකා නාවික හමු­දාව විසින් ජාතිය වෙනු­වෙන් පුදන සාම්ප්‍ර­දා­යික ආචාර වෙඩි මුර, නිද­හස් දිනය දා මධ්‍යහ්න 12ට ගාලු­මු­ව­දොර ඉදිරි මුහුදු තීර­යේදී මධ්‍යහ්න 12ට පැවැ­ත්වී­මට කට­යුතු සූදා­නම් කර තිබේ. ශ්‍රී ලංකා නාවික හමු­දා­වට අයත් යුද නෞකා­වක් මතදී ආචාර වෙඩි­මුර පිරි­නැ­මෙන අතර, ශ්‍රී ලංකාව 1948 වර්ෂයේ නිද­හස ගත් දා සිට ජාතික නිද­හස් දින­යට සම­ගා­මීව ශ්‍රී ලංකා නාවික හමු­දාව විසින් ජාතිය වෙනු­වෙන් සාම්ප්‍ර­දා­යික ආචාර වෙඩි­මුර 25ක් පිරි­න­මනු ලබයි.