2025 වසර තුළ චීනය නව නිපැයුම් සඳහා වූ පේටන්ට් බලපත්‍ර මිලියන 5.32ක් ලබාගෙන ඇති බව එරට ජාතික බුද්ධිමය දේපළ පරිපාලනය පවසනවා.
2025 වසරේදී නව නිපැයුම් බලපත්‍ර 972, 000ක් අනුමත කර ඇති අතර, පේටන්ට් බලපත්‍ර අයඳුම්පත් සැකසීමේ කාලය මාස 15 දක්වා අඩු කර තිබෙනවා.
එමෙන්ම පසුගිය වසරේදී ඉහළ වටිනාකමක් ඇති නව නිපැයුම් බලපත්‍රවල සාමාන්‍ය හිමිකාරිත්වය පුද්ගලයින් 10,000කට පේට්න්ට් බලපත්‍ර 16ක් ලෙස දැක්වෙන බවද සඳහන්.
ලොව ඉහළම ගෝලීය වෙළෙඳ නාම 5,000 අතර චීනයේ වෙළඳ නාම වටිනාකම අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.81ක් වන අතර, එය ගෝලීය වශයෙන් දෙවන ස්ථානයේ පසුවන බවයි එරට ජාතික බුද්ධිමය දේපළ පරිපාලනය පවසන්නේ.








