සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වූ විසඳුම් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම හේතුවෙන්, දිවයින පුරා රජයේ රෝහල්වල රජයේ වෛද්‍යවරු අද (26) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, අද උදෑසන 08.00 සිට දිවයින පුරා රජයේ රෝහල්වල වෘත්තීය සමිති ක්‍රියාමාර්ග 05 කට එළඹෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කළේ.
එහිදී, රෝහල්වලින් පිටත ෆාමසිවලින් ඖෂධ ලබා ගැනීමට නියම කිරීම අත්හිටුවීම, රෝහල්වලින් පිටත රසායනාගාර පරීක්ෂණ සඳහා අවශ්‍ය නිර්දේශ නිකුත් නොකිරීම, අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාවක් නොමැති රෝහල්වල නව ඒකක ආරම්භ කිරීමට අවස්ථාව නොදීම, දේශපාලන අවශ්‍යතා මත පවත්වන සෞඛ්‍ය කඳවුරු සහ සායන සඳහා වෛද්‍යවරුන් සහභාගී නොකරවීම, රෝගියා පරීක්ෂා කරන අවස්ථාවේ සහයක නිලධාරියෙක් නොමැති නම් එමඟින් ඉවත් වීම යන ක්‍රියා මාර්ග සිදු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.








