ලෝක වෙළඳපොළේ රන් මිල ඩොලර් 5,000 සීමාව පසු කරයි

ලෝක වෙළඳපොළේ රන් මිල ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලර් 5,000 සීමාව පසුකර ගොස් තිබෙනවා.

ඒ අනුව, අද දින පෙරවරුවේ ජාත්‍යන්තර වෙළඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 5,036.57 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

රන් මිලට සමගාමීව රිදී මිල ද ඉහළ ගොස් ඇති අතර එය අවුන්සයක් ඩොලර් 100 සීමාව පසුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.