ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු උපදේශකයකු ලෙස කටයුතු කළ ලසිත් මාලිංග ගේ සේවා කොන්ත්‍රාතුව ඊයේ (24) දිනයෙන් අවසන්ව වුණා.
කෙසේ වෙතත් ඔහු ලබන අඟහරුවාදා පැවැත්වෙන අවසන් එක්දින තරග තෙක් ශ්‍රි ලංකා කණ්ඩායම සමග රැඳී සිටිමට නියමිත බවයි ශ්‍රි ලංකා ක්‍රිකට් සඳහන් කළේ.
ලෝක කුසලාන තරගාවලිය අවසන් වන තෙක් මාලිංගගේ සේවය ලබා ගැනිමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය අදහස් කළද තුන්වන එක්දින තරගයෙන් පසු මාලිංග ඕස්ට්‍රේලියාවට යාමට සැලසුම් කොට ඇති බවයි වාර්තා වන්නේ.








