වෛද්‍යවරුවන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද (24) දිනයේත් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
තම ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වන තෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ පවසා සිටියේ.
පැය 48 කට පසුව වර්ජනය තවදුරටත් දීර්ඝ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සඳුදා දිනයේදී තීරණයක් ගැනීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.








