විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් අදියරේ

ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් එහි අවසන් අදියරට ළඟා වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් සහ වෘත්තීය සමිති සමඟ ඔවුන්ගේ ගැටළු සාකච්ඡා කරමින් මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බවයි.

විදුලිබල ක්ෂේත්‍රයේ දියුණුව ජාතික අවශ්‍යතාවක් බව වටහා ගනිමින් සේවකයින්, පාරිභෝගිකයින් මෙන්ම වෘත්තීය සමිති ඇතුළු සියලුදෙනා අඛණ්ඩව තවදුරටත් ඒ සඳහා සහයෝගය ලබාදෙනු ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.