මත්ද්‍රව්‍ය සමඟ ධීවර යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට

දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය පිරවූ ධීවර යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙම බහුදින ධීවර යාත්‍රා දෙකේ අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 270 ක පමණ ප්‍රමාණයක් ඇති බවට සැක කරන බවයි නාවික හමුදාව සඳහන් කළේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සහ නාවික හමුදාව එක්ව සිදු කළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, එම බහුදින ධීවර යාත්‍රා දෙක ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කළ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.