ටෙස්ලා සමාගමේ රොබෝ ටැක්සි සේවාව මේ වන විටත් අමෙරිකානු නගර කිහිපයක ක්‍රියාත්මක වන අතර, මෙම වසර අවසානය වන විට එය ඉතා පුළුල් ලෙස ව්‍යාප්ත වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව එහි ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් පවසනවා.
ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට ප්‍රථම වතාවට සහභාගී වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, යුරෝපය තුළ පූර්ණ ස්වයංක්‍රීය ධාවන පහසුකම සඳහා වන අනුමැතිය ලබන මාසය වන විට ලබා ගැනීමට ඉලක්ක කර ඇති බවයි.
SpaceX සමාගම හරහා යුද ගැටුම් පවතින කලාප වෙත චන්ද්‍රිකා අන්තර්ජාලය සැපයීම සහ ඔහුගේ කෘතිම බුද්ධි මෘදුකාංගයක් වන ඝ්‍රොක් හරහා ජනනය වූ මතභේදාත්මක රූප රාමු සම්බන්ධයෙන් එල්ල වන චෝදනා මධ්‍යයේ ඔහුගේ මෙම සංචාරය ලෝක අවධානයට ලක්ව තිබෙනවා.








