කපමින් සිටි තේක්ක ගසේ අත්තක් ඔළුවට වැටී අයෙක් මරුට

දොඹගහවෙල ඇල්ලලන්ද ප්‍රදේශයේ කපමින් තිබූ තේක්ක ගසක් අදිමින් සිටි අයෙකුගේ හිස මතට එම ගසේ අත්තක් වැදීමෙන් බරපතල තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු මිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ දොඹගහවෙල, ඇල්ලලන්ද පදිංචි ආර්.එම්. ජයතිස්ස (52) නමැති තිදරු පියෙක්.

ඔහු සිය අසල්වැසියෙකු වන ආර්.එම්. අප්පුහාමි නමැති අයට අයත් තේක්ක ගසක් කපා තවත් තිදෙනෙකු සමඟ කඹයකින් අදිමින් සිටියදී ගස වැටී ඇති අතර එහි අත්තක් ඔහුගේ හිසේ වැදී තුවාල ලබා රෝහල් ගත කර සිටියදී මෙලෙස මිය ගොස් තිබුණා.

ඔහුගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය මොනරාල් දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වුණා.

දොඹගහවෙල පොලීසිය පරීක්ෂණ පවත්වනවා.