අද (23) උදෑසන 8.00 සිට ක්‍රියාත්මක වන පරිදි පැය 48 ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
නිදහස් සෞඛ්‍ය සේවාව සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් එකඟතාව ක්‍රියාත්මක කිරීමට අසමත් වීම හේතුවෙන් මෙලෙස වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරත වන බවයි එම සංගමය සඳහන් කළේ.
මාතෘ සහ ළමා රෝහල්, වකුගඩු රෝහල් සහ පිළිකා රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.








